Dangaya (Dennis Cartoon Theme)
Cartoon Songs
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ලියන්න කියන්න පාඩම් කරන්න
තිබුණත් වැඩ ඉස්කෝලේ
ඔන්න ඇවිල්ලා ආයේ ඇවිල්ලා
සෙල්ලම් කරන්න කාලේ
පැන්චලා පැන්චිලා බට්ටලා බට්ටිලා
එක්කලා දැන් හැම වේලේ
දඟයට දුවන්න පනින්න පුළුවනි
මේකයි දඟයගේ කාලේ
අල්ලපු නිවසේ ජීවත් වන්නේ
වින්සන් මාමායි නැන්දයි
මාමා නිතරම කරදර වින්දේ
දඟයගේ දඟ වැඩ හින්දයි
අම්මිට තාත්තිට දඟයගේ වැඩ ගැන
ඔහුගෙන් පැමිණිලි කන්දයි
මේ හැම දෙයක්ම අහන්න වෙන්නේ
දඟයගේ දඟ වැඩ හින්දයි
යාලුවෝ එක්කලා දුවලා පැනලා
දවසෙම ඇත දැඟලිල්ල
තනියට නිතරම කිරියා ළඟ ඇත
ඌ දඟයගේ සෙවණැල්ල
දඟකම් නුවණින් හොඳ දේ කෙරුනට
හුරු වුනොතින් දඟ මල්ල
හපනුන් වෙයි මතු ලොව දිනනා හැම
පුංචි වුණත් මේගොල්ල