Gee Sindu Gaya Waya
Jothipala H R
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
මද්දහනේ කඩේ පිලේ මේ වගේ
වටරවුමේ අහන් ඉන්න දුගී ලොවේ ගී මගේ
සිනමාවේ නෑසේවී පෙම් ගීත මාගේ
නැත නාමේ ජනකාන්ත වීලා
ජීවිතයේ දුක් පීඩා හිසරන්දා ඉන්නා
කොයි කාටත් මා ගී ගයාලා
උපකාරේ සතේ සතේ දේවා මට සතේ සතේ දේවා
මහපාරේ ප්රසංගයේ ගායකයා මං තමා
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
භාරතයේ සරසවියේ නව රාග ධාරේ
ස්වර මාලා මා නම් නොදන්නේ
රන් වීනා වයලීනේ නැතුවත් සිතාරේ
සංගීතේ අඩුවක් නොවන්නේ
මේ වාගේ විනෝද ගී ගයලා මම විනෝද ගී ගයාලා
ආ..ආ..ආ.. අද වාගේ ගෙන එන්නම් වාසනා
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
සිනමාවේ නෑසේවී..
ගී සිංදූ ගයා වයා..