Heena Peena Hama Rakama
Harshana Disanayake
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී
පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ
පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ