Man Marunu Dawasata
Drill Team Westnahira, Samith Gomes, Manasick, Chrish Vix, Minol Witharana, E Root, Hiyum, D Minor
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Bornlord
පිලිගන්නව රියන් හය හතරට
ගත පස් අතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුන වර්ණනාව කරයි බොලා බෝර්නා මල දවසට
කියයි කට්ටියක් බැහැ නැහැ ලේසී
දෙනවනම් ඕන බරක් නිදි කිරයි කේජී
කොල්ලො වටවෙල බරටම ඕමී
ගහයි සීරුවන් හූ තියයි කියයි කවි පේලී
ඉන්නකං කෑවෙ ලෙව කාගෙන බත් හට්ටි
හත් දවසෙ දානෙට පලතුරු වට්ටි
පුරවං මුට්ටි කෑමකයි මෙහෙ කට්ටි
විසි කරයි වැඩි මුදවපු කිරි හට්ටි
යන්නෙ කර උඩින් හයකගෙ හතකගෙ
ඉන්නකං පෑගුවෙ හැතිකරෙ නැතිකරෙ
හොයාගනින් පාලුවට උබ වෙන මගුලක්
මේක මගේ මළගම එපා බල්ලෙකුවත්
Minol
සුදු ඇඳුමක් නැති මලගෙදරක් ඇති
හුදෙක් මැරුවත් නිදි බත් තිබිලත් නිදි
පවකට ඵල නැති පිනකට පණ නැති
පුළුන් පුරවලා ඇති මළ මිණියක් ඇති
කලුවර තැන්වල යාලුවෝ ඉන්න
මගෙ මළුවෙදි මට සැලියුට් දෙන්න
හදපිරි කතා මවන්
නෑයොත් එක්ක කතාකරන්
හින්දා මමත් විතාරණ
උන්ගේ ගානක් කඩහන් මචන්
බූරුපොළේ උන්ට නෙස්කැෆේ නෑ කිව්වොත්
හිස් පැකට් නෑ, සිගරට් විස්සේ පැකට් නෑ කිව්වොත්
මිණීවළ කපනකොටත් බෝතලයක් නෑ කිව්වොත්
වකුගඩුවක් ගනින් මචන් අයින් කරලා නෑ කිව්වොත්
ඇයි මැරුවෙ නැත්තේ ඉපදුන දාම
කියලා ඇහුවා අම්මගෙන් මතකයි තාමත්
ඕනෙ වුනේ කියලා යන්න මගෙ ජීවිත කතාව
වළලපන් හු මාවත් මගෙ අම්මා ගාව
මං මැරුන දවසට එයි ගම් හතකට සෙනග
අඩයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයං එයි කට්ටිය හවසට
මිනිය තියං ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
වගෙ මළගෙදරම කරයි මල කෝලම්
D minor
මං මැරුණම කලු බැනියමක් අන්දලා ඩෙනිමට
ක්ෂණික වඩම්මපන් සාදු කොපි මැෂිමට
භූමදාන ඉරිදා,බදාද ද ගැටිමක
චන්ද්‍ර පනාගොඩ ප්‍රදර්ශන කැනිමක
මගෙ මළකඳ බදාගෙන කරන කබඩි
අලියා, බාර්ලි නැතත් බොලා දැහැමි සිතින් රවති
පොරකයි ගමේ මරණාදාර සමිති
අහයි බුරුත,තේක්කද මිනීපෙට්ටි ප්‍රමිති
බයේ සිල් ගන්න යන්න වෙන කාලයෙදි
මගෙ පින පව මනින්නෙ වැරදි තරාදියකින්
ජීවිතේ බූරුවක්නම් උඹ ඒකේ නාස්තියකි
මරණ සංහතියක් ගැහුවා එක පාස්කුවකින්
ඇහැ පියවීමේ නිහඩබවත් වාදනයක්
කුසලයත් විටෙක දැඩි බීමත් වාහනයක්
අපි ලිව් කිව් දෑ යාලු බොට්නි පොතක සායනයක්
එහෙව් පොතට දාන කවර Drex ඒකත් ඝාතනයක්
Hiyum
මම මල දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන් මාසෙ දානෙ වෙනකොට මම පස් වේ
මම දුන් පොලිතීන් මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනියෙන් තට්ට
ගමෙ ගෑනුන්ගෙ ගුණ වැනුම්නම් පට්ට
වචන දරුනුවෙන ප්‍රවේසම් කාලෙ මේ
මළගෙදරත් එක දේශපාලනේ
මැලවුනු මල් වඩම් බැනර් වල මල් වදන්
කලුවරෙ මඩු පිටි පස්සෙ කොල්ලො ගල්පදම්
මට බැන්න කටින්ම මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට පිං අනුමෝදන
කවුද උස්සන් යන්නෙ මාව ගහපන් මළ බෙර
සමුගැනීම් සාදෙ පාලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන් මිනිය කරන්න මුර
කර මතින් නෙමෙ ආවෙ ජීවිතෙ මේ දුර
මං මැරුන දවසට එයි ගම් හතකට සෙනග
අඩයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයං එයි කට්ටිය හවසට
මිනිය තියං ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
වගෙ මලගෙදරම කරයි මල කෝලම්
E Root
සාතිශය සංවේගෙ ශ්වේත වර්ණයට කොඩි - දැවයෙන් නිමවී තිබෙනවා පෙට්ටියක්
සාවදානෙන් මොහොතක් බැලුවා - සාමදානෙන් සැතපී සිටිනා රූපෙ ස්මරණයක්
සාමකාමි බව බිඳුණි දැකුමෙන් - මමම වැතිරි පෙට්ටියෙ නොවේද මෙය අරුමයක්?
සානුකම්පිතව පෙලක් මුහුණු සාමීචියක - සතුටු කොනක තවත් සමහරක්
රූපකායෙන් මිදුණි සැරිසරමින්
චර්යාවන් දෙස මහත් උවමනාවෙන් බලමින්
මත් ඌනතාවයෙන් පෙලෙන්න පිරිමි
දැඩි මුහුණුවරක් ගනිමින් බූරුවන් ගසති
මූනිච්චම් සිනහවෙන් පිරුණු ගැහැණු මූලික වී සෝදාහරිති
ඔවුන් ඔවුන්ගෙ කුණුකැසලි
සංකල්පවේදින් සංකූලතාවෙන් වාදවල යෙදෙති
එලෙසින් සංක්ෂිප්තයි මුංගෙ අසික්කිත සිද්දි
මරණං නියතං ජීවිතෙ අනියතං
නම් මෙතරම් අරුමෝසම් ජේත්තු කුමට බං?
මතුරන් වස්කවි කලක් දෙස් තිබූ උං කදුලු වගුරන් පස් කති
වලලද්දි වෙස් පෙරලන් ඇස් ඇර දමනය කර අභ්‍යන්තර යක්ෂයන්
අස්වද්දා දැනුම ප්‍රඥාවෙන් මස්තිශ්කයත්
සිත් සන්තෘශ්ඨියෙන් හුස්ම හෙලපන්
ප්රවිශ්ඨ වෙනවා සසර වංකගිරියට මම ආයෙත් දැන්
Chrish Vix
කිලි ගිලි මළගෙදර - හඬා වැළපේ දෙදර
මේ මාව වටකර - පිරි නෑදෑ හිත මිතුර
හිත මිලින වී සැලෙන පරලෝක ගීතිකා
ස්ලෝක පිරි යාතිකා - පූජක කතිකා
මන් නැති පාඩු නිසා - වෙන අඩුපාඩු කියා
දුකෙන් නෝක්කාඩු තියා - ගෑනු අවනඩු ලියයි
නිසොල්මනේ මවයි පියයි - හදපු එකම දරුවත් කියා
තිබුන සතුට පොදි බැඳන් ගියා - හෙලවෙන මනසම හොල්මනේ
ගැට්ටෙන් මුහුදට උඩප්පුවෙ බෝතලේ - සුනංගුවෙ හිරකලේ
මං මළෙ - දවස් හතෙ නිදි මලෙ
දාන මාන පින් වස් දොස්
ආපු ගියපු තතු අන්දොස්
බාර හාරවෙලා ආත්ම සැනසීම
කච කච කිරියාව කන්දොස්
මං මළ දවසට වඩම්මන්න අහසින් මල්වඩම්
එදාම හවසට කනත්තට පහලින් පන්දම්
යාන්තම් මම යන්නම් මේ දැන්නම් හැම වෙසෙන
මතකෙට තියන් අවසානේ සතුටින් විසිර
Samith
වහල ටකරන් ඉඳගන්න යකඩ පුටු
ඉරලා ගනිල්ලා මගෙ මළ පොතේ බණ පිටු
කියන් නෑ මුකුත් මන් සරසපං සුවඳින්
කමක් නෑ ගම, සභාවම අමතපං ගුවනින්
ගාපන් සුදු හුණු මගෙ මිණියේ ඉඳන් වරුවේ හවස
අහන් ඉඳීයි මොකක් කිව්වත් මේක මගෙ දවස
මන් මරුන දවස නිවා ගනින් පවස
උබත්, යන්න යන්නෙ අයේ ඒමක් නෑ මන් නැවත
හා මතක් කරපන් නම් පිලිවලින්
කවුරුත් නෑ මට වහන් කරන්න උන් කිළිවලින්
මේක ගමනක් මාරක නිලවලින්
කෙලවර වන දැන් වහල තියෙන්නෙ තිරවලින්
වැලිවලින් යට කරාවි පිළුණු
වන මළසිරුර මගේ පිනිස දිරණු
වෙනසක් නෑ ඉන්නකන්ම කුණුවලින් පිරුණු
නරා වලක ගෙවුනේ කරවටක් ම ගිලුණු